පොදුජන පැතුම වපුරන රන්කෙත

මහින්ද සහ ගෝඨාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම..

සමන් ගමගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වන විජයග්‍රහණයේ රණවිරු සැමරුම් උත්සවයක්‌ හෙට (20 වැනිදා) සවස 3.00ට කොළඹ නිදහස්‌ චතුරශ්‍රයේදී පැවැත්වේ.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය, ජාතික සංවිධාන සම්මේලනය සහ ජාතික රණවිරු සංවිධාන එක්‌ව “දිනූ මව්බිම රැකගමු – රණවිරුවන් තනි නොකරමු” යන්න තේමාව කරගනිමින් මෙම විජයග්‍රහණයේ රණවිරු සමරු උත්සවය සංවිධානය කර ඇත.
මහා සංඝරත්නය ප්‍රධාන, රණවිරු පවුල් හා බැඳුණු ඥතීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම රණවිරු සමරු උත්සවයට සහභාගි වන අතර උපන් බිමට නිදහස දිනා දුන් රණවිරුවන්ට බුහුමන් දැක්‌වීම සඳහා මෙම අවස්‌ථාවට එක්‌වන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු ජාතික සංවිධාන සියලු දේශප්‍රේමී පුරවැසියන්ට ආරාධනා කර සිටී.

UA-92200809-1