පොදුජන පැතුම වපුරන රන්කෙත

හිටපු ජනාධිපති ජපානයේ අද ටෝකියෝ නගරයේ නරිතා ගුවන් තොටුපළට ළඟා විය…

2017 ජුනි මස 01වැනිදා අළුයම 7 පමණ ජපානයේ ටෝකියෝ අගනුවර නරිතා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත A330 වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දුත කණ්ඩායම මෙහි පැමිණෙන ලදී. එහිදී ජපන් විදේශ කටයුතු අමත්‍යාංශයේ හා වෙළද කටයුතු හා ආර්ථිකය අමත්‍යාංශය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජපානයේ ජීවත්වන ලාංකික ප්‍රජව විසින් ගුවන්තොටුපළේ දී මහින්ද රාජපක‍්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගත්හ. ඉන්පසු දුතපිරිස ටෝකියෝ ඉම්පීරියල් හෝටලය කරා පිටත්විය.

ජපානය හා ශ්‍රී ලංකා අතර පවතින මිත්‍රත්වය හා 66 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සංකේතවත් කරමින්, ජපානයේ වකයාමා ප්‍රදේශ‍යේ මුර්යෝකොයින් විහාරස්ථානයට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් පුජා කිරීම ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජුනි 3 වෙනිදා පස්වරුවේ බලාපොරොත්තු වන්නේය.

 

UA-92200809-1