පොදුජන පැතුම වපුරන රන්කෙත

ඇමති රාජිත එරෙහිව විශ්වාස භංගය විවාදයට

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම සදහා කොන්දේසි මත අවසර දෙන බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රි පිරිසක් සමග මේ ගැන වූ සාකච්චාවකදී කතානායතවරයා සදහන් කර ඇත්තේ ‘සයිටම්’ ආයතනය ගැන කරුණු සදහන් නොකරන එකගතාවය මත විවාදය සදහා අවසර දෙන බවයි.

සයිටම් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු පවරා ඇති නිසා ඒ ගැන කරුණු සඳහන් නොකල යුතු බවද කතානායකනරවා අවධාරණය කර ඇත.

ඒ අනුව මන්ත‍්‍රීවරුන් පිරිස ඊට එකග වී ඇති අතර අදාල විවාදය නොවැම්බර් 09 වැනිදාට පෙර සිදු කිරීමට හැකි වනු ඇති බවද ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

UA-92200809-1